Wifi speed කරගමු | How to boost Your wifi Signals

ඔබගේ internet router එක හරියට වැඩකරන්නේ නැද්ද?හිතපු තරම් performance නැද්ද?අලුත් එකක් ගන්න ඕනි කියලා හිතනවද?නමුත් අලුත් එකක් ගන්න කලින් තියන router එකේම අඩුපාඩු ටික හදගෙන ඉමු.

Router එකට හොඳ තැනක් බලමු.

ඇත්තටම සෑම තැනක්ම router එකට ගැලපෙන්නේ නෑ.metal Objects ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නිකුත් කරන ලෝහමය දේවල් කිට්ටුව router එක තියන්න එපා.metal කියන්නේ wifi signal අඩපණ කරන දෙයක්.ඉතින් ඒ කිට්ටුව router එක තිබ්බම වෙන්නේ විශාල Dead Zone එකක් හටගන්නවා.එහෙම උනොත් router එකට signal ගෙන්න ගන්න එක හීනයක් තමයි😜.

වීදුරු ,දැව, ප්ලාස්ටික් , ෆෝම්,කාඩ්බෝඩ් වලිනුත් ඒ දේම වෙනවා උනත් ඒකට තියෙන්නේ ලෝහ වලට සාපේක්ෂව අඩු සම්භාවතාවක්.සමහරවිට ඔයගොල්ලො දැකල ඇති විශාල ගොඩනැගිලි වල metal Studs වලින් තමයි Partition කරන්නේ.ඉතින් ගොඩක් අය මේ metal studs වලට කිට්ටුවෙන් router එක තියනවා හොඳට signal වැඩි කරගන්න.ඒක හොඳ IDEA එකක් නම් නෙවි.ඉතින් මේ STUDS ගැන දැන ගන්න තියන විදියක් තමයි STUD FINDER එකක් හරි PHONE එකේ STUD FINDER APP එකක් හරි භාවිතා කරන එක.එතකොට අපිට පුලුවන් ඒවට ටිකක් ඈතින් ROUTER එක තියාගන්න පුලුවන්.

නිවසේ අපි භාවිතා කරන ෆ්ලොරසන්ට් ලයිට්ස්,සර්කිට් බ්‍රෙකර්ස් ,ELECTRIC RAZORS ද බහුලව මෙම WAVES නිකුත් කරන උපකරණ අතර වෙනවා.

තවත් අපි ELECTRO MAGNETIC WAVES ගැන කතා කරනවා නම් මුලුතැන්ගෙයි උපකරණ බොහෝමයක් මෙම තරංග නිකුත් කරනවා.MICROWAVE OVENS,DISH WASHERS,STOVES ඒ අතර ප්‍රදාන තැනක් ගන්නවා.

ගෙදර තියන washing machines, dryers , television ,cordless phones, heaters වගේ දේවලුත් ඔබේ wifi signal අඩු කිරීමට ලොකු හේතුවක් වෙනවා.ඉතින් ඔය උඩින් කියපු උපකරන වලින් ඔයාගේ router එකත් ටිකක් ඈත් කරල තියාගන්න උත්සහ කරන්න .

ඔයාලගෙ ගෙදර center එක නිකමට හිතන්න.ඔව් එතන ඔයාගෙ router එක floor level එකට ටිකක් උඩින් තිබ්බොත් එහෙම තරමක් දුරට signal හදගන්න පුලුවන්.

ඇත්තටම router එක signal නිකුත් කරන්නේ තිරස් අතට විතරක් නෙවෙයි.සෑම දිශාවකටම මේ විදියට signal නිකුත් කරන්න router එකට පුලුවන්.ඉතින් ඔයලා ඉන්නෙ floors කීපයක් තියන ගෙදරක නම් පලමු floor එකේ ceiling එකේ router එක තිබුනොත් second floor එකේ signal strength එකත් ගොඩක් ඉහල නංවාගන්න පුලුවන්.

ඇත්තටම ගොඩාක් malware attacks හැම අවුරුද්ද කම අපිට අහන්න ලැබෙනවා.ගොඩාක් ඒවා සිද්ද වෙන්නේ අපේ routers අපි update කරලා තියගන්නේ නැති නිසා.router එකක් ඇතුලේ firmware වැඩසටහන් සෑම විටම ක්‍රියාත්මක වෙනවා.ඉතින් මේ program internet එකේ සිදුවන security වෙනස් කම් වලට update නොවුනොත් එහෙම hacker කෙනෙක්ට පුලුවන් ඕනිම වෙලාවක අපේ router එකට log වෙලා අපේ data use කරන්න වගේම තවත් ගොඩක් දේවල් කරන්න.සමහර routers auto ම update වෙන්න හදලා තිබුනත් එහෙම නොවන ඒවත් තියනවා.ඉතින් router සමාගමෙන් ලබා දෙන catalog එකේ මේ පිලිබඳ සඳහන් කරලා තියන නිසා අපිට පහසුවෙන්ම ඒක කරගන්න පුලුවන්.

තවත් කොටසක් ඉදිරියට...

Comments

Popular posts from this blog

Amazon Echo Studio | Sinhala Review